ටියුනීසියාවට මුදල් ආධාර



ටියුනීසියාවට ඇමෙරිකන් ඩොලර් මිලියන 830 ක මුදල් ආධාර ලැබී ඇතැයි වේ.

මේ බව මාධ්‍ය හමුවේ අනාවරණය කළේ ටියුනීසියා අගමැති යූසෙෆ් චාහෙද් ය. ඒ, පසුගිය දා සෞදි අරාබියට ගොස් සෞදියේ සල්මන් අබ්දුල්ලාසි රජු හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවය.

ලැබෙන එම මුදලින් ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක් ටියුනීසියාවේ කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීමට යොදවන බවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 230 ක මුදලක් විදෙස් වෙළෙඳ කටයුතු සඳහාත් ඉතිරි ඩොලර් මිලියන 100 සංවර්ධන ව්‍යාපෘති සඳහාත් යොදවන බව ටියුනීසියා අගමැති යූසෙෆ් චාහෙද් මාධ්‍යවේදීන් හමුවෙමින් වැඩිදුරටත් පැහැදිලි කළේය.

පසුගිය මාසයේ සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු ජී 20 ආර්ථික බලවතුන්ගේ හමුවට ආජන්ටිනාව බලා යද්දී, ටියුනීසියාවට පැමිණ ටියුනීසියා ජනාධිපති බෙජී එසෙබ්සී හමුවී ටියුනීසියාවට මූල්‍ය ආධාර ලබා දීමට එකඟත්වය පළ කළේය.

මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනයට විරෝධය දැක්වීමක් ලෙස, ටියුනීසියාවේ ටියුනිස් නුවරට පැමිණි සල්මාන් කුමරුන්ට ටියුනීසියානු වැසියන්ගෙන් දැඩි විරෝධයක් ද එල්ල විය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS