ගුවන් ප්‍රදර්ශනය සාර්ථකව අවසන්



කුවේටයේ පැවති 2020 ගුවන් ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වී ඇති බව වාර්තා වේ.

දින හතරක් පුරා පැවති 2020 ගුවන් ප්‍රදර්ශනය නැරඹීම සදහා හැටදහසක් අධික පිරිසක් පැමිණ සිටි බව සංවිධායක කමිටු ප්‍රධානී, ඉස්මයිල් බෙබෙහානි පැවසීය.

ගුවන් වෙළඳපොලේ ප්‍රධාන තරඟකරුවෙකු බවට කුවේටය පත්ව ඇති බව2020 කුවේට් ගුවන් ප්‍රදර්ශනයේ සාර්ථකත්වයෙන් පෙන්නුම් කරන බව සංවිධායක කමිටු ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය.

ඊලඟ කුවේට් ගුවන් ප්‍රදර්ශන 2022 ජනවාරි 19 වන දින ආරම්භ වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS