ගාසා සිංහ පැටුව් සීතලේ මැරිලා
දකුණුදිග ගාසා තීරයේ සත්වෝද්‍යානයක උපත ලැබූ සිංහ පැටවුන් සිවු දෙනකු අධික සීතල නිසා මියගොස් ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
පැටවුන් සිවු දෙනා මියගොස් ඇත්තේ ඉපදී දිනක් ගත වෙද්දී යැයි ද පැවැසෙයි. ගාසා තීරයේ පිහිටි මෙම සත්වෝද්‍යානය පෞද්ගලික එකකි.
ඊශ්‍රායල ඊජිප්තු සම්බාධක හේතුවෙන් සත්වෝද්‍යානයේ සතුන් වෙනුවෙන් ඇති පහසුකම් සියල්ල ඉතා පහළ මට්ටමක පවතින බව සත්වෝද්‍යාන හිමිකරු ෆැටී ජෝනා කියයි.
සිංහ පැටවුන් වෙනුවෙන් ප්ලාස්ටික්වලින් තාවකාලික කූඩුවක්, සිංහ කූඩුවේ සකස් කළත්, ගාසා තීරය හරහා හමා ගිය සීතල හිම කුණාටුවට සිංහ පැටවුන් ඔරෝත්තු නොදුන් බවත්, එය ඉතා අවාසනාවන්ත සිදුවීමක් බවත් ජෝනා වැඩි දුරටත් කියා සිටී.
සිංහ පැටවුන් වෙනුවෙන් විදුලි හීටරයක් සහ පොරෝනා ද භාවිත කර ඇත. කෙසේ නමුත් විදුලි බල සැපැයුම් නිතර අඩාල වන බැවින් අවශ්‍ය උණුසුම දීම කළ නොහැකි වී ඇත.
සිංහ පැටවුන්ගේ සිරුරු මිහිදන් කිරීම සිදුවූයේ සත්වෝද්‍යානය නැරැඹීමට නිරන්තරයෙන් පැමිණෙන නරඹන්නන් සහ පොඩි දරුවන්ගේ කඳුළු මධ්‍යයේ යැයි ද අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
ගාසා තීරයේදීය
අල් ජසීරා ඇසුරිනි