අපිරිසුදු වාහනවලට දඩ



ඩුබායි නගරයේ අලංකාරයට හානිවන ආකාරයෙන් මාර්ගවල ධාවනය කරන අපිරිසුදු මෝටර් රථවලට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට ඩුබායි නගර සභාව පියවර ගෙන ඇති බව වාර්තා වේ.

දින පහළොවකට (15) දැණුම්දීමකින් පසු මෝටර් රථය පිරිසිදු කිරීමට අපොහොසත් වන මෝටර් රථ හිමිකරුවන්ට එරෙහිව ඇමරිකානු ඩොලර් 135ක දඩ මුදලක් නියම කරන බව වාර්තා වේ.  

අදාල දඩ මුදල ගෙවීමට අපොහොසත්වන පුද්ගලයන්ගේ මෝටර් රථය නගර සභාව භාරයේ තබාගෙන දඩ මුදල ගෙවීමෙන් පසු නිදහස් කිරීමට මහනගර සභාව තීරණය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් එන්ලයින්) 


RECOMMEND POSTS