ධුරයෙන් සමුගන්න පෙර ඔබාමා යුරෝපයේ සංචාරයක



:(රොයිටර්)

මෙම වසර අවසානයේ ජනපති ධුරයට සමුදීමට නියමිත බැරැුක් ඔබාමා ඊයේ :15ෆ යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්ල ගී‍්‍රසියේ ඇතන්ස් අගනුවරට පැමිණියේය.
ඇමෙරිකාව දිගටම යුරෝපා රටවල් සමඟ සිටින බවටත් පවතින එම සම්බන්ධය වෙනස් කිරීමට නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කටයුතු නොකරනු ඇති බවටත් යුරෝපා රටවලට සහතිකයක් ලබා දීම ඔබාමාගේ මෙම යුරෝපා සංචාරයේ අරමුණ වී ඇත. ට‍්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ලෙස වැඩ බාර ගනු ඇත්තේ ලබන ජනවාරියේය.
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව සමඟ ද ට‍්‍රම්ප් සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවත් නේටෝව ද දිගටම ඇමෙරිකාවට සහාය දිය යුතු බවත් ඔබාමා අවධාරණය කර ඇත. ඇමෙරිකාව ද නෝටෝ සංවිධානයේ ප‍්‍රධාන සාමාජිකයෙකි.
ගී‍්‍රසියේ සංචාරයෙන් පසු ඔබාමා ජර්මනියට යෑමටත් ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් හමුවී සාකච්ඡුා පැවැත්වීමටත් නියමිතව ඇත.

RECOMMEND POSTS