ට්‍රම්ප්ට දිනන්න ප්‍රතිඵල වෙනස් කළේ රුසියාව: ඇමෙරිකන් පුවත් සේවයක් කියයි



ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් කවුරුත් මවිතයට පත් කර, රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේ, රුසියාවේ පරිගණක හැකර්වරුන් විසින් ඇමෙරිකන් ජනපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කළ නිසා බවටත්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද ඊට සෘජුව සම්බන්ධ වුණු බවටත් ඇමෙරිකාවේ එන්.බී.සී. පුවත් නාළිකාව චෝදනා කරයි.
රුසියන් ජනාධිපති පුටින්, හිටපු කේ.ජී.බී. ඔත්තු සේවයට සම්බන්ධ නිලධාරියෙකි. රුසියාවේ දක්ෂ පරිගණක හැකර්වරුන් මෙහෙයවා, පරිගණක සහ අන්තර්ජාල ඔස්සේ ඔවුන් ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කළ බවට එන්.බී.සී. පුවත් නාළිකාව වැඩි දුරටත් චෝදනා කර ඇත.
එන්.බී.සී. පුවත් නාළිකාව නියත වශයෙන්ම කියා සිටියේ නොවැම්බර් අට වැනිදා පැවැත්වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කරනු ඇති බවය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS