ට්‍රම්ප්ගේ තාප්පෙට අපි සල්ලි දෙන්නේ නෑ - මෙක්සිකෝ ජනපති



 (රොයිටර්)

තමා ජනපති වුවහොත්, මෙක්සිකෝවෙන් පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් නැවැත්වීමට ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් ඉදිකරවන බවත්, එම තාප්පයට මෙක්සිකෝව මුදල් ගෙවිය යුතු බවත්, ඩොනල්ඞ් ට්‍රම්ප් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මෙක්සිකෝ ජනාධිපති එන්රීක් පෙනා නීටෝ පවසා ඇත්තේ, එම තාප්පය වෙනුවෙන් මෙක්සිකෝව කිසිදු මුදලක් ගෙවන්නේ නැති බවය.
මෙක්සිකෝ ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ ඉදිරියේ දී පැවැත්වෙන උතුරු අත්ලාන්තික් නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සමුළුව පැවැත්වෙද්දී, තමා නව ජනපති ට්‍රම්ප් හමුවී මේ ගැන වෙනම සාකච්ඡා කරන බවය. එය සුහදව සිදුවන සාකච්ඡාවක් බවත් ගැටුමක් ඇති කර ගැනීමට ට්‍රම්ප්ගේ පවා අදහසක් නොමැති බවත් මෙක්සිකෝ ජනපතිවරයා වැඩි දුරටත් කියා සිටී.

RECOMMEND POSTS