චීන රාජ්‍ය මාධ්‍ය ට්‍රම්ප්ට දෙහි කපයි



 
 (රොයිටර්)
ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් කළ යුත්තේ චීනයට විරුද්ධය යෑම නොව චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම බවත්, එසේ විරුද්ධ වුවහොත්, ඇමෙරිකාවට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවනු ඇති බවටත් චීන රජයේ මාධ්‍ය අනතුරු අඟවා ඇත.
ජනපති රැලිවලදී ට්‍රම්ප් නිරන්තරයෙන් චීනය විවේචනය කළේය. ඒ, ඇමෙරිකානුවන්ටත් ඇමෙරිකන් සමාගම්වලටත් හිමිවිය යුතු රැකියා අවස්ථා චීනයට ගපා යෑම නිසාය. 
ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨත්වය කරා ගෙන යෑමට නම්, චීනය සමඟ නව ආර්ථික සහ වෙළෙඳ ප්‍රතිපත්ති සකස් කළ යුතු බව ට්‍රම්ප් පවසා ඇත.
ට්‍රම්ප් ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ පබන ජනවාරියේය. ඉන්පසු විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔහු කුමන විදියේ තීන්දු සහ තීරණ ගනාවීදැයි ලොව කාටවත් ප්‍රශ්නයක් වී ඇත.
ජනපති රැලිවලදී ට්‍රම්ප් දිගින් දිගටම මුස්ලිම් විරෝධී අදහස් දැක්වීය. තමා ජනපති ධුරයට පත්වුවහොත්, ඇමෙරිකාවට පැමිණෙන මුස්ලිම්වරුන් සීමා කරන බව ද හෙතෙම පැවැසීය. එපමණක් නොව, මුස්ලිම් අන්තවාදයට කිසිදු සමාවක් නොදෙන බව ද පැවැසීය.
ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු, ඔහු මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් කළ එම ප්‍රකාශ වෙබ් අඩවිවලින් ඉවත් කිරීමට ට්‍රම්ප්ගේ මැතිවරණ සංවිධායකවරුන් කටයුතු කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා ඊයේ (11) වාර්තා කළේය.

RECOMMEND POSTS