හංගේරියාවේ අගනුවර සඳුදා සිට විවෘතයි



හංගේරියාවේ බුඩාපෙස්ට් හි පනවා ඇති සීමාකිරීම් ඉවත්කිරීමට තීරණය කර ඇතත් වෙළෙඳ සැල් වෙත පැමිණෙන හෝ පොදු ප්‍රවාහන සේවා භාවිතාකරන අයට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යය බව එරට බලධාරීහු ප්‍රකාශ කරති.

හංගේරියාවේ අනෙක් ප්‍රදේශවල සීමා ඉවත්කිරීමෙන් සති දෙකකට පසු අගමැති වික්ටර් ඕර්බන් පැවසුවේ අගනගරයේ ද කොරෝනා පාලනය කිරීමට හැකියාව ලැබී ඇති බවයි.

මැයි 04 වන දා සිට රජය බුඩාපෙස්ට් සහ ඒ අවට ප්‍රදේශවලින් පිටත යම් යම් සීමාවන් ඉවත්කර සාප්පු හා ආපනශාලා නැවත විවෘත කිරීමට ඉඩ දී තිබෙනවා.

ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව සැළකිය යුතු ලෙස අඩුවී ඇති හෙයින් ක්‍රමානුකූළව බුඩාපෙස්ට් විවෘත කිරීමට කාලය පැමිණ ඇති බව ඕර්බන් හි මාණ්ඩලික ප්‍රධානී ගර්ජලි ගුලියාස් රාජ්‍ය රූපවාහිනියට කීවේය.


RECOMMEND POSTS