ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒමට තවත් යානයක් ඉන්දියාවට



ශ්‍රී ලංකාවට මෙතෙක් පැමිණිය නොහැකිව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් අද (12) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපො‍ළින් පිටත්ව ගියේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1121 දරණ එම විශේෂ යානය‍ චෙන්නායි නගරයේ රැඳී සිටින මෙරට වැසියන් 305 දෙනකු රැගෙන ඒමට නියමිතය.

ගුවන් තොටුපොළ ප්‍රකාශකයකු කියා සිටියේ මෙම යානය අද දහවල් 11.25ට යළි කටුනායකට පැමිණීමට නියමිත බවයි.

 


RECOMMEND POSTS