රුසියාව විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන්වයි



කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 280,000 ඉක්මවා ඇතත් දේශීය තරඟ සඳහා පැමිණෙන විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රටට ඇතුළුවීමට ඉඩ දෙන බව රුසියාව නිවේදනය කළේය.

වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා සිය දේශසීමා මාර්තු මාසයේ දී වසා දමා ජාත්‍යන්තර ගුවන් ගමන් නවතා දමන ලදී. රුසියානුවන් යළි සිය රටට ගෙන්වා ගැනීමට හෝ විදේශිකයන්ට තම රටවලට යාමට හැර වෙනත් කිසිදු ගුවන් ගමනක් ක්‍රියාත්මක කළේ නැත.

රජය පවසන්නේ රුසියාවේ ක්‍රීඩා සමාජ සමග ගිවිසුම් ගතව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් වෛද්‍ය නිරීක්ෂණයට ලක්කරන බවයි. ඔවුන් ගෙන්වා ගැනීමෙන් පසු සති දෙකක කාලයක් නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කරන බවත් රජය පවසයි.


RECOMMEND POSTS