රාජකාරියට යන අයට විශේෂ දුම්රිය 37ක්



රාජකාරී කටයුතු සඳහා කොළඹට පැමිණීමට දුම්රිය මගීන් 19,593ක් ලියාපදිංචි වී සිටින බවත් ඔවුන් සඳහා අද (01) සිට මෙම බදාදා දක්වා දිනකට දුම්රිය ගමන්වාර 37ක් ක්‍රියාත්ක කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ලියාපදිංචිවී සිටින මගීන්ට පළමුව අවස්ථාව ලබා දීමෙන් පසු දුම්රියේ ගමන් කිරීමට අපේක්ෂිත සෙසු මගීන්ට සිය රාජකාරී හඳුනුම්පත පෙන්වා දුම්රියේ ගමන්කිරීමට ඉඩ ලබාදෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

 


RECOMMEND POSTS