බ්‍රිතාන්‍ය රැජින ප්‍රසිද්ධියේ පෙනී සිටියි.



බ්‍රිතාන්‍යයේ කොරෝනා වයිරස අගුලු දැමීම ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට එළිසබත් මහ රැජින එළිමහනේ ප්‍රසිද්ධියේ පෙනී සිටි බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
 
අවුරුදු 94ක් වයසැති රැජින සති අන්තයේදී වින්ඩ්සර් කාසල් මන්දිරයේ එළිමහන් පිට්ටනියේ පෝනියෙකු පිට ගමන් කරමින් සිටිනු ඡායාරූපයට නගා ඇත.
 
බැල්මෝරල් ෆර්න් නම් අවුරුදු 14ක් වයසැති පෝනියාගේ පිට නැගී රැජින වර්ණවත් හිස් පළඳනාවකින් සැරසී සිටි බව පැවසේ.
 
සාමාන්‍ය දිනවල ඇය පුරුද්දක් ලෙස වින්සර් පිට්ටනියේ ගතකරන අතර එය ඇගේ ප්‍රියතම ස්ථානය යැයි කියනු ලැබේ.
 
කොවිඩි - 19 බ්‍රිතාන්‍යයේ පැතිරීමත් සමග පසුගිය මාර්තු 19 වනදා සිට, රැජින සිය සැමියා වන එඩිම්බරෝ ආදිපාදවරා සහ කාර්යමණ්ඩලයේ සුළු පිරිසක් සමග වින්ඩ්සර් කාසල් මන්දිරයේ ස්වයං හුදකලාවේ ගත කලේය.
 
ඒ අතරතුර ඇය රූපවාහිනියෙන් දෙවතාවක් ජනතාව ඇමතීමට කටයුතු කළාය. එක්සත් රාජධානිය වයිරසයට එරෙහි සටනේදී සාර්ථක වනු ඇති බවත් වයිරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජයේ නීතිරීති අනුගමනය කිරීම ගැන ජනතාවට ස්තූතිවන්ත වන බවත් රැජින පළමු සාකච්ඡාවේදී පැවසීය.
 
දෙවැනි වතාවට ඇය ජාතිය ඇමතුවේ කිරුළු පැළඳීමේ 75 වන සංවත්සරය සැමරීම සඳහාය


RECOMMEND POSTS