බර්කිනා ‍ෆාසෝ වෙඩි තැබීමකින් 30ක් මරුට



අප්‍රිකානු රටක් වන බර්කිනා ෆාසෝ හි කොම්පියැන්ගා නගරයේ ජනාකිර්ණ වෙළඳපොළකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් 30 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති අතර බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.

මෙය ගවයින් විකුණන පොලක් බවත් දිවා කාලයේ ප්‍රහාරය එල්ල වූ බවත් පොලිසිය පවසයි.

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ මරණ සංඛ්‍යාව තවදුරටත් වැඩිවිය හැකි බවයි.

ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

කෙසේ වුවත් මෑත කාලයේ දී බර්කිනා ෆාසෝ හි ජිහාඩ් ප්‍රචණ්ඩත්වය සහ අන්තර් වාර්ගික ගැටුම් වල තියුණු වැඩිවීමක් දක්නට තිබේ.

ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සිය දහස් ගනනකට තම නිවෙස් අතහැර පලායෑමට සිදුවිය.

බර්කිනා ෆාසෝ හි උතුරු දිග මාලි දේශ සීමාව අසල සිකුරාදා සිදුවූ මෙවැනිම ප්‍රහාරයකින් 15 දෙනකු මියගියහ.

ජිහාඩ්වාදීන් බොහෝවිට පාසැල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බැවින් බර්කිනා ෆාසෝ හි දරුවන් 300 000කට පමණ අධ්‍යාපන අවස්ථා අහිමි වී ඇතැයි ද පැවසේ.


RECOMMEND POSTS