පාකිස්තානය අභ්‍යන්තර ගුවන් ගමන් අරඹයි



මුහුණු ආවරණ පැළඳීම සහ මගීන් අතර හිස් ආසන ඉතිරි කිරීම යන කොන්දේසි සහිතව පාකිස්තානය ප්‍රධාන නගර අතර දේශීය ගුවන් ගමන් කටයුතු මාස දෙකකට පසු ඊයේ (16) සෙනසුරාදා නැවත ආරම්භ කළේය.

ජාත්‍යන්තර ගුවන් ගමන් මැයි 31 දක්වා අත්හිටවනු ලැබ තිබේ.

පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ යානයක් මුල් වරට ඊයේ (16) කරච්චි සිට ලාහෝර් බලා පිටත් වූ අතර පෞද්ගලික ගුවන් සමාගමක් විසින් මෙහෙයවනු ලබන තවත් යානයක් ලාහෝර් සහ ඉස්ලාමාබාද් බලා පියාසර කරන බව දේශීය මාධ්‍ය වාර්තා කරයි.

“ප්‍රධාන නගර අතර ගමන් කිරීමේදී මගීන් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, පකිස්තාන රජය විසින් මැයි 16 සිට බලපැවැත්වෙන පරිදි ප්‍රධාන ගුවන් තොටුපළවල් පහක් වන ඉස්ලාමාබාද්, කරච්චි, ලාහෝර්, පෙෂාවර් සහ ක්වේටා වෙතින් සීමිත දේශීය ගුවන් ගමන් සඳහා අවසර දී තිබේ.

පාකිස්තානය නව කොරෝනා වයිරසයෙන් ආසාදනය වූ රෝගීන් 38,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර මරණ 834 ක් වාර්තා වී තිබේ.


RECOMMEND POSTS