පකිස්තානයේ වැඩිම ආසාදිතයන් ගණන අද



පාකිස්තානයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (2) පස්වරුන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 3,938ක් ලෙස දැක්විණි.

ඒ අනුව පාකිස්තානයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (2) පස්වරු 5.40 වනවිට 76,398ක් ලෙස දැක්වුණු අතර එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 79කින් ඉහළ ගියේය. ඒ අනුවා පාකිස්තානයෙන් ඊයේ පස්වරු වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 1,658ක් විය.

පාකිස්තානය මේ වනවිට වයිරසයේ පාලනය සීමා කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කරමින් සිටින අතර සෑම දිනකම පස්වරු 7 දක්වා විවෘතව තැබීමට අවසර ලබා දී ඇත.

සීමා ලිහිල් කළ ද ඒවා ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට තරම් ප්‍රමාණවත් නැතැයි ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ පැවැසීය.

නැවත රටට පැමිණීමට කැමැති විදෙස් ගත පාකිස්තාන ජාතිකයන් ගෙන්වා ගැනීම සඳහා අමතර ගුවන් යානා යොදවන බව ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා කීවේය.


RECOMMEND POSTS