නොරොච්චෝලේ සේවකයන්ට කොරෝනා නෑ



නොරොච්චෝල 'ලක්විජය' බලාගාරයේ සේවකයන්ට කොරෝනා ආසාදනය වී නොමැති බව PCR පරීක්ෂණවලින් තහවුරු වූ බව පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි.

උණ හා උගුරේ අපහසුතා හේතුවෙන් බලාගාරයේ ගිනුම් හා මානව සම්පත් ඒකකයේ සේවකයන් 09 දෙනකුගේ ජෛව සාම්පල ඊයේ (22) PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබිණි.

මෙම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තුරු සේවයට පැමිණ සිටි සේවකයන් 600ක පමණ පිරිසක් යලි සිය නිවෙස්වෙත යාම වැළැක්වීමට ද පාලන අධිකාරිය පියවර ගෙන තිබිණි.


RECOMMEND POSTS