කොරෝනා මරණවලින් බ්‍රසීලය සිව්වැනි තැනට එයි



කොරෝනා ආසාදිත මරණ 29 341ක් වාර්තා කරමින් මේ වනවිට බ්‍රසීලය ලොව සිව්වන ස්ථානයට පත්ව තිබේ.

බ්‍රසීලය ප්‍රංශය ද ඉක්මවා ගොස් ඇති අතර බ්‍රසීලයට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඉතාලිය පමණි.

එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මරණ සංඛ්‍යාව දිනකට 1 000කින් පමණ ඉහල යන බවයි.

පසුගිය පැය 24 තුළ නව මරණ 956ක් සිදුව තිබේ.

බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව සෑම සති දෙකකට වරක් දෙගුණ වේ.

ලෝකයේ දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද බ්‍රසීලයෙනි.

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ගනනය කිරීම් වලට අනුව බ්‍රසීලයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 514 992ක් තහවුරු වී තිබේ.

එය දෙවැනි වන්නේ මිලියන 1.77ක ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින ඇමරිකා එක්සත් ජනපදයට පමණි.

කෙසේ වුවද බ්‍රසීලයේ සත්‍ය ආසාදන සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් ඉහල අගයක් විය යුතු බවට ද විශේෂඥයින් අනතුරු අඟවා ඇත.

ආසාදන සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව කෙතරම් ඉහල ගියද බ්‍රසීල ජනාධිපති ජයා බොල්සනාරෝ අගුලු දැමීම් ඇතුළු සමාජ දුරස්ථ රීතීන් ප්‍රතික්ෂේප කරයි.

ඔහු පවසන්නේ රෝගයෙන් වන හානියට වඩා ආර්ථික අගුලු දැමීම් පුපුරා යෑමෙන් සිදුවන හානිය බලවත් බවයි.

මුහුණු ආවරණ නොපැළඳ සිය ගනන් ආධාරකරුවන් හමුවට යන ජනාධිපතිවරයා බ්‍රසීලයේ පාපන්දු සමය නැවත ආරම්භ කිරීමට පවා ඉල්ලා ඇත.

 

RECOMMEND POSTS