ඉන්දියාවෙන් 340ක් පැමිණෙති



ඉන්දියාවේ සිටි 340ක පිරිසක් රැගත් විශේෂ ගුවන් යානය අද (12) දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා විය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 1122 යානයෙන් මෙලෙස රැගෙන එන ලද්දේ ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිරවී සිටි ලාංකිකයන් පිරිසකි.
පැමිණි සියලු දෙනාගේ ශරිර උෂ්ණත්වය මැන බැලීම සිදුකළ අතර ඔවුන් සහ ඔවුන් රැගෙන ආ ගමන් මළු ද විෂබීජහරණය කරන ලදී.

ඉන් පසු ඔවුන් සියලු දෙනාම නිරෝධායනය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විශේෂ බස්රථ මගින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබීය.


RECOMMEND POSTS