සිරියානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගැන කතා කරයි



 

 

 

 (රොයිටර්)
ඇමෙරිකාවේ නව ජනපතිවීමට නියමිත ඩොනල්ඞ් ට්‍රම්ප් අවංකවම අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කරනවා නම්, ඔහු සිරියාවේ හොඳ මිතුරකු වේවි යැයි සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් කියයි.
තමා සිරියාවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් මුලිනුපුටා දමන බව ඩොනල්ඞ් ට්‍රම්ප් ජනපතිවරණ රැලිවලදී පැවැසුවේය. ජනපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව පැවැති පළමු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී ද ට්‍රම්ප් ඒ බව තහවුරු කළේය. කෙසේ නමුත් එය සිදු කරන ආකාරය ගැන පැහැදිලි කළේ නැත.
රුසියාව සහ ඉරානය සිරියාවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමට සටන් වදින බවත්, සිරියානු අර්බුදයට විසඳුමක් සෙවීමට නම් පළමුවෙන් මෙම ත්‍රස්තවාදීන් විනාශ කළ යුතු බවත් ට්‍රම්ප් පවසා ඇත.

RECOMMEND POSTS