සමූහ මිනී වළක් හමුවෙලා



ගාසා තීරයේ ඛාන් යූනිස් නගරයේ නසාර් වෛද්‍ය සංකිර්ණය ආසන්නයෙන් හමුවූ සමූහ මිනී වළක තිබී මළ සිරුරු 300 ක් පමණ සොයගත් බව පලස්තීන සිවිල් ආරක්ෂක බළකාය ප්‍රකාශ කළේය.

එම සමූහ මිනීවලේ මළ සිරුරු 283 ක් සොයාගෙන ඇති බවත් අද (23) පමණක් සිරුරු 73 ක් සොයා ගත් බවත් ඛාන් යූනිස්හි සිවිල් ආරක්ෂක බළකා අධ්‍යක්ෂක කර්නල් යාමෙන් අබු සුලෙයිමාන් පැවැසුවේය.එම මිනී වලෙන් හමුවූ ඇතැම් මළ සිරුරු වල අත් පා බැඳ තිබූ බවත් එම මළ සිරුරුවල අමු අමුවේ ඝාතනය කළ ලක්ෂණ තිබූ බවත් කර්නල් සුලෙයිමාන් චෝදනා කළේය.

එලෙස දෙඅත් සහ දෙපා බැඳ තිබූ පුද්ගලයන් ඝාතනය කර වැළලුවාද එසේත් නැතිනම් පණපිටින් වැළලුවාද නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවත් බොහෝ සිරුරු තහවුරු කළ නොහැකි බවත් කර්නල් සුලෙයිමාන් පැවැසුවේය.

කෙසේ නමුත් සමූහ මිනී වලේ තිබී ගොඩ ගැනුණු අත් පා බැඳ තිබූ මළ සිරුරු සම්බන්ධයෙන්  කර්නල් සුලෙයිමාන් එල්ල කරන චෝදනා තහවුරු කර ගැනීමට හැකියාවක් නොලැබුණු බව සී.එන්.එන් පුවත් සේවය වාර්තා කළේය.එසේම මේ පිළිබඳ ඊශ්‍රායල ආරක්ෂක අංශයෙන් විමසීමක් කළද ඔවුන්ද ප්‍රතිචාරයක් නොදැක්වූ බව සී.එන්.එන් පුවත් සේවය සඳහන් කළේය.


RECOMMEND POSTS