පලස්තීනුවන්ට ඉරානයේ සහාය ඕනෑ



ඉරානයේ පූර්ණ සහාය ලැබෙනවා නම්, ඊශ්‍රායලයට එරෙහිව නැගී සිටීමට පලස්තීනුවන්ට පුළුවන් බව, පලස්තීනුවන් වෙනුවෙන් පෙනී සිටින ‘පලස්තීන ඉස්ලාමීය

ජිහාද්’ සංවිධානයේ මහ ලේකම් සයියාද් අල් නකලේ පවසයි. ‘පලස්තීන ඉස්ලාමීය ජිහාද්’ යනු පලස්තීන වැසියන් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන අංශයකින් සමන්විත සංවිධානයකි. 

‘පලස්තීන ඉස්ලාමීය ජිහාද්’ සංවිධානයේ මහ ලේකම් මහ ලේකම් සයියාද් අල් නකලේ, මේ බව පැවැසුවේ, ඉරානයේ සංචාරයකට පැමිණ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්රහානී හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.

ඊශ්‍රායල හමුදා මේ වනවිට දිගින් දිගටම ගාසා පලස්තීනුවන්ගේ ජීවිත අනතුරේ දමමින් ප්‍රහාර එල්ල කරයි. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්, එම ප්‍රහාර නැවැත්වීමට ඉරානය මැදිහත් වී සිටී. මෙය මහ ලේකම් සයියාද් අල් නකලේගේ පැසැසුමට හේතුවක් විය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS