ජපාන අගමැතිගෙන් ඇමතුමක්



එක්සත් අරාබි එමිරේට්ස්රාජ්‍යයේ ජනාධිපති, ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් සහ ජපාන අගමැති, ෆුමියෝ කිෂිඩා අතර දුරකථන සංවාදයක් පැවති බව වාර්තා වේ.

උපායමාර්ගික හවුල්කාරිත්වය යටතේ දෙරටේ සංවර්ධන අභිලාෂයන් ඉදිරියට ගෙන යාම සඳහා තවදුරටත් සහයෝගීතාව දැක්විය හැකි ආකාරය පිළිබඳව දුරකථන සංවාදයේදි සාකච්ඡා කර ඇත.

එමිරේට්ස්ජනාධිපතිවරයා සහ ජපාන අග්‍රාමාත්‍යවරයා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගෙන තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - අබුඩාබි නුවර)

RECOMMEND POSTS