ඝාතකයාට මරණ දඩුවම



කුවේට් මවක් ඝාතනය කළ පුද්ගලයෙක්ට අපරාධ අධිකරණය මරණ දඩුවම ලබා දී ඇති බව වාර්තා වේ.

ෆහාඩ් සුබි මොහොමඩ් නම් පුද්ගලයා ෆාරා හම්සා අක්බාර් නැමති කාන්තාව ඝාතනය කර ඇති අතර, පැහැර ගෙන ගොස් ඝාතනය කරන ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන් වී ඇත.

ෆාරාගේ මෝටර් රථය තුල දරුවාද සිටියදී ඝාතකයා ෆාරාගේ පපුවට පිහියෙන් ඇන සබා අල්-සාලෙම් නගරයේ දී ඝාතනය සිදු කර ඇත.

කාන්තාවගේ සිරුර සහ දරුවා රෝහලක දොරටුවක් අසල දමා ඝාතකයා පළා ගොස් ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසීය.  

විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ෆාරාට කිහිප වතාවක්ම ෆහාඩ් සුබි මොහොමඩ් තර්ජන කර ඇති අතර, මරණයට මාස කිහිපයකට පෙර ෆාරා පැමිණිල්ලක් ගොනු කර තිබු බව ඇගේ නීතිඥවරිය පැවසුවා ය.

මෙම සිද්ධිය සමාජ ජාලාවල විශේෂ ප්‍රවෘත්තියක් බවටද පත් විය.   

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS