ග්‍රීක කාසි 409 ක් හමුවෙලා



ග්‍රීක ශිෂ්ටාචාරයට අයත් කාසි තොගයක් සාජා නුවරින් හමු වී ඇති බව වාර්තා වේ.

කාසි තොගය බදුනක තිබී හමු වී ඇති අතර, ඇලෙක්සැන්ඩර් හෝ සෙලුසිඩ් අධිරාජ්‍යයන්ගේ කාලවල භාවිතා කළ කාසි බවට දැනට විශ්වාස කෙරේ.

ග්‍රීක භාෂාවෙන් කැටයම් කරන ලද 'ඇලෙක්සැන්ඩර්' යන නම ද දැක්වෙන බව සාජා පුරාවිද්‍යා අධිකාරිය ප්‍රකාශ කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, සාජා නුවර)


RECOMMEND POSTS