ඊශ්‍රායලයට පහර දෙන්න ඉරානය සූදානම්



ඊශ්‍රායලයට පහර දෙන්න, ෂියා මුස්ලිම් රාජ්‍යයක් වන ඉරානය සූදානම් වෙයි. ඒ, පසුගිය දා සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට විරෝධය දැක්වීමක් ලෙසය. තමන් ඊශ්‍රායලයට පහර දෙන බව ඉරානය මේ බව ඇමෙරිකා රජයට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට ඇමෙරිකාවේ සහාය හිමිවෙයි. ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී ඊශ්‍රායලය හමාස් සටන්කාමීන්ට පහර දෙන්නේ ද ඇමෙරිකාව ඔවුන්ගේ පසුපස සිටින බැවිනි. හමාස් සටන්කාමීන්ට ඉරානයේත්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේත් සහාය හිමිවෙයි.

ඉරානය සහ ඊශ්‍රායලය සතුරන් බවට පත් වී ඇත්තේ මේ නිසාය. තමන් ඊශ්‍රායලයට පහර දීමට සූදානම් බවත් ඇමෙරිකාව කළ යුත්තේ පැත්තකට වී සිටීම බවත්, ඉරානය ඇමෙරිකාවට යැවූ පණිවුඩයේ සඳහන් වී ඇත.

පසුගිය පළමු වැනිදා සිරියාවේ ඩමැස්කස් අගනුවර, ඉරාන කොන්සල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට ඊශ්‍රායලය එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන්, කොන්සල් කාර්යාලය සම්පූර්ණයෙන් විනාශ වුණු බවත්, එය අයත් ගොඩනැගිල්ලට ද දැඩි හානි විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS