ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර යවයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය ඇෆ්ගනිස්ථානයට හදිසි මානුෂීය ආධාර යැවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

බටහිර ඇෆ්ගනිස්ථානයේ හේරාත් පළාතට බලපෑ භූමිකම්පාව හේතුවෙන් විපතට පත් වූවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා හදිසි සහන ආධාරයවා ඇත.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජනාධිපති, ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහ්යාන් ආධාර ලබාදෙන ලෙස නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - අබුඩාබි නුවර)

RECOMMEND POSTS