ආසාදිතයන් 1,330 යි, මරණ 13 යි



සෞදි අරාබියේ පසුගිය පැය 24තුළ ආසාදිතයන් 1,330ක් වාර්තා වු බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

එම කාලය තුළ පුද්ගලයන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

සෞදි අරාබියේ සමස්ථ මරණ සංඛ්‍යාව 7,214 දක්වා ඉහළ ගොස් ඇති බවත්, පුද්ගලයින් 437,569 දෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

රසායනාගාර පරීක්ෂණ 93,896ක්ද සිදුකළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS