තීරුබදු රහිත කලාප පුළුල් කිරීමට අනුමැතිය



සෞදි අරාබිය තුළ තීරුබදු රහිත කලාප පුළුල් කිරීමට සෞදි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.

එම අනුමතිය අනුව, ගුවන්, මුහුදු සහ ගොඩබිම් තීරුබදු රහිත සාප්පු පිහිටුවීමට කටයුතු කරන අතර, සෞදියෙන් පිටවන සංචාරකයින්ට මෙම තීරුබදු රහිත සාප්පුවලට ගොස් අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමටද අවස්ථාව ලබා දී තිබේ.

තීරුබදු රහිත ප්‍රදේශවලට අදාල නීති පසුගිය වසරේ සංශෝධනය කිරීමට යෝජනා කිරීමෙන් පසුව මෙම තීරණය ගත් බව සෞදි බදු සහ රේගු අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)


RECOMMEND POSTS