ඊශ්‍රායලයෙන් ප්‍රතිප්‍රහාර



ඊශ්‍රායලයේ ‘අල් අස්කා’ මුස්ලිම් පල්ලිය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදය උත්සන්න වීමත් සමඟ, ඊශ්‍රායලයට ලෙබනනයෙන් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල විය. එම රොකට් ප්‍රහාර එල්ල වී පැය කීපයක් ගතවෙද්දී, ඊශ්‍රායල ආරක්ෂක අංශ, පෙරළා පලස්තීනයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

ඊශ්‍රායලය චෝදනා කරන්නේ පලස්තීන හමාස් සටන්කාමීන්ට සහාය දක්වන ලෙබනන සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කළ බවය.

මේ අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැවැසුවේ, ඊශ්‍රායලයේ සතුරන්ට කිසිදු සමාවක් ලබා නොදෙන බවය.

‘අල් අස්කා’ මුස්ලිම් පල්ලය සම්බන්ධයෙන් අර්බුදයක් මතුවූයේ එම පල්ලියට වන්දනා කිරීම සඳහා පැමිණි පලස්තීනුවන්ට ඊශ්‍රායල ආරක්ෂක අංශ පහර දීමේ සිද්ධියක් මුල්කොට ගනිමිනි. ‘අල් අස්කා’ ජෙරුසියලමේ පිහිටි පල්ලියකි.

(රොයිටර්)


RECOMMEND POSTS