ජොන්සන් විශ්වාසභංගය පරාජය කරයි



තමන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට බ්‍රිතාන්‍ය  අග‍්‍රාමාත්‍යවරයා සමත් විය. විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ විපක්ෂය වන කම්කරු පක්ෂයේත්, අග‍්‍රාමාත්‍ය ජොන්සන්ගේ පාලක කන්සවර්ටිව් පක්ෂයේත් එකමුතුවෙන් යැයි ද පැවැසෙයි.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව අග‍්‍රාමාත්‍ය ජොන්සන්ට විරුද්ධව හිමිවූයේ ඡුන්ද 148 ක් පමණි. විශ්වාසභංගය පරාජය කිරීමට, අග‍්‍රාමාත්‍ය ජොන්සන්ට සහාය පළ කරමින් ඡුන්ද 211 ක් ලැබුණි.

ඒ අනුව, බොරිස් ජොන්සන්ට, බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ධුරය පමණක් නොව, කොන්සවර්ටිව් පක්ෂ නායකත්වයේ ද දිගටම රැඳී සිටීමට අවස්ථාව උදා වෙයි. වසරක කාලයක් යනතුරු කිසිවකුගෙන් අභියෝගයක් එල්ල වන්නේ ද නැත.

අග‍්‍රාමාත්‍ය ජොන්සන්ට සිය මන්ත‍්‍රීවරුන්ගෙන් සියයට 59 ක ප‍්‍රතිශතයක් සහාය පළ කර තිබුණි. අග‍්‍රාමාත්‍ය ජොන්සන් පැවැසුවේ එය සතුටට හේතුවක් බවය. මන්ත‍්‍රීවරුන් සියයට 59 ක් තමන්ට සහාය දක්වමින් ඡුන්දය ප‍්‍රකාශ කිරීම ශුභ ආරංචියක් බවය.

මහා බි‍්‍රතාන්‍යය ‘කොවිඞ් 19’ වසංගතයෙන් පීඩා විඳිද්දී, සෞඛ්‍ය උපදෙස් අනුව, රට ලොක්ඩවුන් කිරීමට ජොන්සන්ගේ රජය කටයුතු කළේය. එරට ලොක්ඩවුන් කර, ජනතාව නිවෙස්වලට කොටු වී සිටිද්දී, අග‍්‍රාමාත්‍ය ජොන්සන්, බිරිඳ කැරී සිමොන්ඞ්ස් ද එක් වී, අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙනුවෙන්, ලන්ඩනයේ අංක 10 ඩවුනිං වීදියේ පිහිටි අග‍්‍රාමාත්‍ය නිල නිවසේ රහසේ මධුවිත සාද සහ උපන් දින සාදයක් ද පැවැත්විණි.

මේ බව පාර්ලිමේන්තුවට අනාවරණය කළේ විපක්ෂය වන කම්කරු පක්ෂයයි. මුලදී එල්ල වූ චෝ්දනා ප‍්‍රතික්ෂේප කළ අග‍්‍රාමාත්‍ය ජොන්සන් පසුව, තමන් නිරෝධායන නීති කඩමින් සාද පැවැත් වූ බව පිළිගත්තේය. ඒ සමඟ ලන්ඩන පොලිසිය විමර්ශනයක් පවත්වමින්, අග‍්‍රාමාත්‍ය ජොන්සන් නිරෝධායන නීති කඩ කළ බව අනාවරණය කළේය.

අග‍්‍රාමාත්‍යවරයාගේ කි‍්‍රයා කලාපය ඔහුගේ කන්සවර්ටිව් පක්ෂයේ ඇතැමුන්ගේ ද අප‍්‍රසාදයට හේතුවක් විය. අග‍්‍රාමාත්‍ය ජොන්සන්, කොන්සර්ටිව් පක්ෂයෙන්, පාර්ලිමේන්තුවෙන් පමණක් නොව රටේ ජනතාවගෙන් ද ඔහුගේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී සමාව ඉල්ලූවේය.

බි‍්‍රතාන්‍යයේ අග‍්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. බොරිස් ජොන්සන්, අග‍්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ, කොන්සවර්ටිව් පක්ෂය බි‍්‍රතාන්‍ය පාලක පක්ෂය වන බැවිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS