උතුරු කොරියාවට දිගට හරහට සම්බාධක දානවා



සාමයට කැමැත්ත පළ කරමින්, න්‍යෂ්ටික අවිහරණය සිදු කරනවා යැයි පොරොන්දු වී සිටින උතුරු කොරියාව, යළි රොකට් අත්හදා බැලීමේ කටයුතු ආරම්භ කර ඇතැයි බුද්ධි අංශ නිලධාරීන් තමන්ට දැනුම් දී ඇති බවත්, එය සත්‍යයක් නම්, උතුරු කොරියාවට එරෙහිව දිගට හරහට සම්බාධක පනවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.

උතුරු කොරියානුවන් වසා දැමුණු ඔවුන්ගේ ‘ටොංග්චැංග් රී’ මධ්‍යස්ථානයේ කටයුතු යළි ආරම්භ කර ඇති බවත්, ‘ටොංග්චැංග් රී’ මධ්‍යස්ථානය මේ වනවිට සක්‍රීය තත්ත්වයක පවතින බවත් ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය අනාවරණය කළේය. ඒ, ‘ටොංග්චැංග් මධ්‍යස්ථානයේ චන්ද්‍රිකා ඡායාරූප අනුවය.

‘ටොංග්චැංග් මධ්‍යස්ථානය යනු උතුරු කොරියාව ඔවුන්ගේ මිසයිල සහ රොකට් අත්හදා බලන ස්ථානයයි. මෙම මධ්‍යස්ථානය පසුගිය වසරේ වසා දැමිණි.

ඒ, සාමයට කැමැත්ත පළ කරමින්, න්‍යෂ්ටික අවිහරණය කරන බවට උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට පමණක් නොව, අසල්වැසි දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ට කළ පොරොන්දුවකට අනුවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS