ජාවාරමේ යෙදුණු පරවි දුතයා



ඉරාක දේශ සීමාවේ සිට පියාඹා එන,ශරීරය වටා පටියක් බැඳ තිබූ පරවියෙකු ගැන අල්-අබ්ඩිල්ලි දේශ සීමා පිවිසුම් ස්ථානයේ රාජකාරි වල නිරතව සිටි රේගු නිළධාරීන්ට සැක සිතී ඇත.

රේගු නිලධාරීන් පරවියා ගමන් ගන්නා මාර්ගය කීප වතාවක් නිරීක්ෂණය කරමින් කුමණ ස්ථානයකට පියඹා යනවා දැයි පරීක්ෂා කර ඇත. 

පියාඹා ගෙන ගොස් පරවියානිවාසයක වහලයක් මත නතර වී ඇති අතර රේගු නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා පරවියා අල්ලා ගන්නා ලදී.

අල්ලා ගත් පරවියා පරීක්ෂා කිරීමේදි, පරවියාගේ ශරීරය වටේ පටිවලින් ගැට ගසන ලද කුඩා කවරයක සඟවන ලද ඇම්පෙටමින් පෙති 178ක් සොයා ගැනීමට රේගු නිලධාරීන් හැකි වී ඇත.

වැඩිදුර කරුණු සොයා ගැනීම සඳහා රේගු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS