ජර්මනියෙන් පරිසර හිතකාමී පිඟානක්



එක්වරක් භාවිතයෙන් පසුව ඉවත් කරවන පිඟන් වර්ග දැන් වෙළඳපොලේ ඕන තරම්.හැබැයි කෘතීම අමුද්‍රව්‍යවලින් හදපු මේ පිඟන් පරිසරයට ඉතාම අහිතකරයි.

ඒ දිරාපත්වෙන්න යන කාලය නිසා.මේකට හොඳ විසඳුමක් ජර්මන් සමාගමක් හොයාගෙන.ඒ තමයි ශාක පත්‍ර පිඟන්.

ඉන්දියාව වගේ ආසියාතික රටවල ආහාර ඔතන්න ගන්න ශාක පත්‍ර  ඉන්දියාවෙන් අරන් එනවා.ඉන් පස්සේ එව්වා එකට තියල මහනවා.ඊට පස්සේ යන්ත්‍රයක උදව්වෙන් පිඟන් සහ භාජන නිපදවනවා.

ප්ලාස්ටික් කඳු ගොඩ ගැහෙනාවට වඩා ඉතාම පරිසර හිතකාමී, දිරාපත්වෙන පිඟන් තමයි කියලා ඔබටත් දැන් හිතෙනවා නේද ?

 

( තිළිණි ද සිල්වා )
ද ගාඩියන් ඇසුරෙනි...

 


RECOMMEND POSTS