කසාද 10,355 යි දික්කසාද 467



කුවේටයේ විවාහ 10,355ක් සහ දික්කසාද 467ක් 2018 ජනවාරි 01 සිට සැප්තැම්බර් 30 අතර කාලය තුල සිදු වී ඇති බව වාර්තා වේ.

2017 වසරේදි දික්කසාද නඩු 5,834ක් අධිකරණය විභාග කර ඇති බව කුවේට් අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

එකිනෙකා අතර සුහදශීලීත්වයක් නොමැති වීම, සමාජ ජාල වෙබ් අඩවි භාවිතය, නොසැළකිල්ල සහ විවාහයෙන් පසු ආකල්ප වෙනස් වීම ප්‍රධාන ලෙස දික්කසාද වීමට බලපා ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS