මානව හිමිකම් යෝජනාව නීත්‍යානුකූල නෑ



මංගල සමරවීර අමාත්‍යවරයා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දක්වන ලද්දේ පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිතවරයාගේ අනුදැනුමකින් තොරව බැවින් එය නීත්‍යානුකූළ නොවන බව පෙන්වා දෙමින් මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට පෙත්සමක් ඉදිරිපත්කළ බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය. 

මානව හිමිකම් කවුන්සලය විසින් ස්ථාපිත කළ ප්‍රතිපාදන අනුව මෙම පෙත්සම ඉදිරිපත් කළ බව ද වීරසේකර මහතා සඳහන් කළේය.
මේ පිළිබඳව මානව හිමිකම් කොමිසමේ යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවැසීය.

ජානීවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය  දක්වමින් රටට කළ හානිය නිසා අගමැතිවරයාට පමණක් නොව මංගල සමරවීර ඇමතිවරයාටඑරෙහිව ද දෝෂාභියෝගයක් ගෙන ආ යුතු යැයි ද වීරසේකර මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ අදහස් පළ කළේ එළිය සංවිධානය විසින් කොළඹ 7, පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී ඊයේ (29) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ වීරසේකර මහතා මෙසේ ද කීය.

“ජනාධිපතිතවරයා එම යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීඹ ගැන දැනුවත් වීමක් නැති බව පෙනෙන්නේ කවදාවත් දෙමුහුන් අධිකරණයකට කැමති නැති බවත් එවැන්නකට ඉඩ නොදෙන බවත් කියන නිසා. මානව හිමිකම් කොමසාරිස්තුමාගේ ප්‍රකාශනයේ හා ලංකාවට එරෙහි යෝජනාවේ තිබෙනවා දෙමුහුන් අධිකරණයක් අවශ්‍ය බව.

මෙයින් පෙනෙනවා මංගල සමරවීිර අමාත්‍යවරයා ජනාධිපතිගේ අනුදැනුමක් නැතිව මෙසේ සම අනුග්‍රහය දක්වා ඇති බව. මේ නිසා අපි පැමිණිලි කළා රටේ කිසිම අවසරයකින් තොරව යම් පුද්ගලයෙක් විසින් අනුග්‍රාහකත්වය දක්වන ලද මෙම යෝජනාව කිසිම ඡන්දයකට භාජනය කළේ  නැති නිසා ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනයවෙලා තිබෙනවා කියා. එමෙන්ම මෙවර ජනතාව විසින් මැතිවරණ ජයග්‍රහණය ලබාදෙමින් එවකට යුද සමයේ පැවැති පාලක කණ්ඩායම දිනවා ඇති බවත් පෙන්වා දුන්නා.

මේකෙ තියෙන සුභා ආරංචිය තමයි සර් ජෙෆ්රි නයිස් මහතා මේ පෙත්සම අනුමත කර තිබෙනවා. ඔහු සුප්‍රසිද්ධ යුද අපරාධ විශ්ලේෂකයෙක්. අපි බලාපොරොත්තු වෙනවා මෙවර මානව හිමිකම් කවුන්සලයේ  යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියා.

ඒ අනුව ඔහුට දෝෂාභියෝගයක් එල්ල වීම සාධාරණයි. කාලිනයි. ඔහු මේ ගැන දඬුවම් විඳින්න ඕන. මේවාට ඔහු වගකිව යුතුයි. අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ අයට පුළුවන් තමන්ට අවශ්‍ය එදා යුද නායකත්වයට සිටි අයට එරෙහිව බොරු සාක්ෂි ගොනු කරන්න. එතකොට චූදිතයන්ට බැහැ තමන්ට විරුද්ධව සාක්ෂි දෙන තැනැත්තා දකින්න බැහැ.

මේ අය එම කාර්යාලයෙන් යුද අපරාධ ලිපිගොනුවක් සකස් කරනවා. එවැන්නක් සම්මත වෙන්නේ පාර්ලිමේන්තුවේ සම්මත වු ආයතනයක් මඟින්. එතකොට ඒක සර්වලෝක බලයට යටත් විය යුතුය කියා කියන්න පු`ඵවන්. ඒ වගේ තැනැත්තෙකු විදේශ රටකදී අත් අඩංගුවට ගන්න පුළුවන්.

මේ නිසා අපි දෝෂාභියෝගය කාලිනයි. එය මංගල සමරවීරටත් එරෙහිව ගෙන එන්න අවශ්‍යයි කියා මම කියනවා. බලහත්කාරෙන් අතුරුදන් වීම් පනතත් මේකනිසා සම්මත කළා. ඉතින් වෙනත් රටක් ඉල්ලුවොත් ඕනැම මොහොතක මේ රටේ කෙනෙක් දෙන්න වෙනවා. රට බේරා ගත් විරුවන් කොයි තරම් දීන ලෙස දංගෙඩියට ගෙන යන්න හදනවා ද?

දරුස්මාන් වාර්තාව කවදාවත් නිල වශයෙන් මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළේ නැහැ. ඒ නිසා අපට කවදාවත් ඒ වාර්තාවට පිලිතුරු දෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ රජයට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. නිල නොවෙන වාර්තාවකට නිල රජයක් කවදාවත් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේක කුමන්ත්‍රණයක්.

අපි මේ රටේ ස්වාධිපත්‍යය දැන් මානව හිමිකම් කවුන්සිලයේ විදේශිකයාගේ අතට  පත් කරල තියෙනවා. ඒක කණගාටුවට කරුණක්. දැන් අපි බැඳිල සිටිනවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට සම අනුග්‍රහය දක්වපු නිසා. ඒ නිසා අපිබැඳිල සිටිනවා මේවා කරන්න. අපි දැන් ස්වාධින රටක් නොවෙයි.

බලන්න දැන් අතුරුදන් වූවන්ගේ කාර්යාලය විවෘත කරන්න කිව්වා. කළා. ඒකට කොමසාරිස්වරු පත් කරන්න කිව්වා. පත් කලා. ඊට පස්සේ බලහත්කාරෙන් අතුරුදන් වූවන්ගේ පනත අස්සන් කරන්න කිව්වා . ඒක කලා. මුළු ලෝකෙම රටවල් 20 කට අඩු ප්‍රමාණයක් විතරයි මේක අපරානුමත කරල නැහැ. අපි විතරයි මේක කරල තියෙන්නේ. මේ කරන්නේ ජාත්‍යන්තරයට හා දෙමළ බෙදුම්වාදින්ට අවශ්‍ය දෙයක් මිස ජාතියට අවශ්‍ය දෙයක් නොවෙයි. අනෙක් කාරණය සංක්‍රාන්ති යුක්තිය කළ යුතුයි කියා මෙහි කියා තිබෙනවා. මානව හිමිකම් නැති රටවලට තමයි මේ සංක්‍රාන්ති යුක්තිය හඳුන්වලා දෙන්නේ. නමුත් අපේ රටට අවශ්‍ය ද මේ නීතිය.

අපි ප්‍රජතන්ත්‍රවාදීව ජනතා නියෝජිතයන් පත් කර ගන්නා රටක්. ඒ නිසා අපට කිසිසේත්ම සංක්‍රාන්ති යුක්තිය බලපාන්නේ
ඒ සමගම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට එරෙහිව මේ වනවිට දෝෂාභියෝගයක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ විශ්වාස භංගය ඉතා කාලෝචිතයි. ජාත්‍යන්තරයට ගියාම තේරෙනවා යටහත් පහත් කීකරු සේවකයන් බවට අපේ අය පත්වෙලා ඉන්නේ. එහෙම වුණේ මංගල සමරවීර කියන විදේශ ඇමතිවරයා ජිනීවා යෝජනා වලට සම අනුග්‍රාහකත්වය දක්වපු නිසයි. ඒ සඳහා ඔහු අනිවාර්යයෙන්ම අගමැතිවරයාගේ අවසරය ගන්න ඇති. එහෙම බලද්දි මේ දෝෂාභියෝගය කාලෝචිතයි විතරක්නොවෙයි මෙවැනි දෝෂාභියෝගයක් මංගල සමරවීර ඇමතිවරයාටත් එරෙහිව ගේන්න අවශ්‍යයි.

අපි ජිනීවා කවුන්සිලයේ ඉන්න කොට පනෙනවා මේ ජාත්‍යන්තරය ඇතුපේ වනියට නියාලු බවකට පත්වී සිටිනවා ද කියා. මෙවර සමාන්තර රැස්වීමක දී නමැති දරුස්මාන් කමිටුවේ සිටි ප්‍රබල චරිතයක් වූ යැස්මින් සූකාගෙන් මම ඇහුවා 40000 ක් මැරුණා කියා කියන්නේ කොහොමද කියා. යුද්ධයේ දී මිය ගියේ 7000/ 8000 ක් පමණ පිරිසක් පමණයි කියා මම කිවා.

ඇය කිසිම පිළිතුරක් දුන්නේ නැහැ. නමුත් කාලේස් නමැත්තා  කිව්වා යුද අපරාධ  සිද්ධ වෙලා තියෙනවා කියා. මම ඇහුවා කොහොමද කියන්නේ කියා. අපේ රජයට කිසිම උවමනාවක් තිබුණෙ නැහැ කියා. මම තව දුඑටත් කිව්වා අපේ සොල්දාදුවන් කටයුතු කළේ 2,90,000 ක් බේරාගෙන යුද්ධය නිමා කරන්නයි කියා අපි කීවා. ලොව විශාලතම බේරාගැනීමේ මෙහෙයුම මෙයයි කියා කීවාම කාලෝස් ටත් කටඋත්තර නැතිවුණා. නමුත් මේ රජය කරන කටයුතු නිසා ජාත්‍යන්තරය අපේ රට සම්බන්ධව පාලුගෙයි වළං බිඳිනවා.” යැයි ද වීරසේකර මහතා පැවැසුවේය.

එළිය සංවිධානයේ කමිටු සාමාජික අනුරාධා යහම්පත් මහත්මිය  සහ නීතිඥ රුෂ්ඩි හබ්ස් මහතා ද මෙහිදී අදහස් දැක්වීය.  

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS