මෙලානියත් මාස්ක් පලඳින්නේ නෑ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙන්ම ජනාධිපති ආර්යාව මෙලානියා ට්‍රම්ප් ද මුහුණු ආවරණ නොපැලඳ ප්‍රසිද්ධියේ පෙනී සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ට්‍රම්ප් හෝ මෙලානියා හෝ මුහුණු ආවරණ නොපැලඳියත් දෙදෙනාම සෞඛ්‍ය උපදෙස් අනුව, ඇමෙරිකන් ජනතාවට පවසා ඇත්තේ වයිරසයෙන් බේරී සිටීමට මුහුණු ආවරණ පැලඳිය යුතු බවය.

පසුගිය දා 50 හැවිරිදි මෙලානියා සහ 73 හැවිරිදි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකන් බාල දක්ෂිකාවන් ඇගැයීමට ලක් කරමින් ධවන මන්දිරයේ උද්‍යානයේ පැවැත්වුණු විශේෂ උත්සවයකට සහභාගී වූහ.

බාලදක්ෂිකාවන් පැමිණ සිටියේ මුහුණු ආවරණ පැලඳය. එසේ වුවත් ට්‍රම්ප් හෝ බිරිඳ මෙලානියා පමණක් නොව, ධවල මන්දිරයට සම්බන්ධ තවත් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු පවා මුහුණු ආවරණ පැලඳ සිටියේ නැත. බාලදක්ෂිකාවන්ට සහතික පත් ප්‍රදානය කරනු ලැබුවේ ජනපති ට්‍රම්ප් විසිනි.

වොෂින්ටනයේදීය (ඬේලිමේල්)


RECOMMEND POSTS