එක්ස් ෆයිල්ස් 25 වැනි සංවත්සරය සමරයි



එක්ස් ෆයිල්ස් යනු 90 දශකයේ අතිශය ජනප්‍රිය, විද්‍යා ප්‍රබන්ධ කලාවේ සංධිස්ථානයක් සනිටුහන් කළ, ලොව සැවොම එක ලෙස නැරැඹූ විද්‍යා ප්‍රබන්ධ ඇමෙරිකන් ටෙලි කතා මාලාවකි. එක්ස් ෆයිල්ස් නිර්මාණය කරන්නේ ෆොක්ස් නාළිකාවය.

පසුගිය වසරේ  එක්ස් ෆයිල්ස් කතා මාලාව යළි කරළියට පැමිණියේය. ​එෆ්.බී.අයි. පරීක්ෂක මෝල්ඩර් සහ ස්කලීගේ වික්‍රම ඇතුළත් එක්ස් ෆයිල්ස් කතා මාලා පසුගිය 2017 වසර් සිට යළි ආරම්භ විය. ඒ, වසර 18 ක නිහැඬියාවකින් පසුවය.

එක්ස් ෆයිල්ස් වැඩසටහන පළමුවෙන්ම පුංචි තිරයේ දිගර හැරුණේ 1993 වසරේ සැප්තැම්බර් මාසයේය. මෙම 2018 වසර වෙද්දී එක්ස් ෆයිල්ස් සිය 25 වැනි සංවත්සරය සමරයි.

ඒ නිමිත්තෙන් මෝල්ඩර් සහ ස්කලීගේ බාබි බෝනික්කන් එළිදැක්වීම සිදුවනු ඇති බව හොලිවුඩයෙන් වාර්තා වේ. බෝනික්කන් යුවල එළිදැක්වීම සිදුවනු ඇත්තේ සැප්තැම්බර් 10 වැනිදාය.

(හොලිවුඩ් පුවත්)


RECOMMEND POSTS