හිස්බුල්ලා සටන්කාමීන්ට ඇමෙරිකාවෙන් ප්‍රහාර



සිරියාවේ සහ ඉරාකයේ, ඉරාන හිතවාදී ‘කටායිබ් හිස්බුල්ලා’ සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඉරාකයේ රැඳී සිටින ඇමෙරිකන් හමුදාව කියයි.

මීට දින දෙකකට පෙර, ඉරාකයේ ඇමෙරිකන් හමුදා කඳවුරකට හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් රොකට් ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් එක් ඇමෙරිකන් සොල්දාදුවෙක් ජීවිතක්ෂයට පත් විය.

ඇමෙරිකන් හමුදාව, කටායිබ් හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇත්තේ එම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර වශයෙන් යැයි ද පැවැසෙයි.

ඉරාක ආරක්ෂක අංශ නිවේදනය කළේ ඇමෙරිකන් ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා සටන්කාමීන් 25 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් තවත් 55 දෙනෙකු තුවාල ලැබූ බවත්ය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS