සුදු කළු ඇදුම් අඳීන්න එපා



හොංකොං දුපතේ පවතින විරෝධතා හේතුවෙන් සංචාරය කිරීමේදි වඩාත් පරීක්ෂාකාරි වන ලෙසඑක්සත් අරාබි එමීරේට්ස් කොන්සල් කාර්යාලය නිවේදනය කර ඇත.

පොලීසිය සහ විරෝධතාකරුවන් අතර නිරන්තරයෙන් පවතින ගැටුම් පැවතීම සහ විරෝධතාකරුවන් සුදු සහ කළු ඇදුම් ඇඳ විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් එම වර්ණයෙන් යුත් ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙස කොන්සල් කාර්යාලයනිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

අත්‍යාවශ්‍ය කාරණයකට පමණක් නිවෙස්වලින් බැහැරව යන ලෙසත්, යම් හදිසි අවස්ථාවකදී විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වන ලෙස එමිරේට්ස් වැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS