සාජා ගොඩනැගිලිවලට ගිනි අනතුරු පද්ධති



සාජාහි ලබන වසරේ සිට නව ගොඩනැගිලි හෝ නිවාස ඉදිකිරීමේ දී ගිනි ගැනීම් පිළිබඳ අනතුරු හැඟවීමේ පද්ධති සවි කිරීම අනිවාර්ය කිරීමට එරට රජය තීරණයකර ඇත.

සාජාහි සිවිල් ආරක්ෂක අංශ මාධයයට ප්‍රකාශ කර තිබුණේ 2018 වසරේ ඉදිවන සියලු මහල් නිවාස සහ නිවාස වලට ද මෙම නීතිය අදාල වන බවය.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දුම් පිළිබඳ අනතුරු ඇඟවීම් පද්ධති සවිකිරීම අනිවාර්ය  කරන මුල්ම රට සාජා වනු ඇතැයි සිවිල් ආරක්ෂක ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ලුතිනන් කර්නල් සාමි අල් නකිබ් පවසා ඇත. අනෙක් එමීර් රටවල් ද තම රට අනුගමනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද හෙතෙම  මාධ්‍යයට සඳහන් කොට තිබේ.

නව නීතිය පැනවීමට පෙර නිවාස දහසකට අනතුරු ඇඟවීමේ උපකරණ  පද්ධති නොමිලේ ලබා දීමට ද සාජා පරිපාලනය බලාපොරොත්තු වන බව ද එම වාර්තාවන්හි සඳහන්වේ.

විනීතා එම්. ගමගේ

 


RECOMMEND POSTS