මාස්ක් නැත්නම් හිරේ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය වැලැක්වීමට නව නීති හඳුන්වා දෙමින්, කුවේට් සහ කටාර් රාජ්‍ය මුහුණු ආවරණ අනිවාර්ය කර තිබෙන අතර, මුහුණු ආවරණ නොමැතිව නිවසින් පිටතට යන්නේ නම් එය සිරදඬුවම් ලැබෙන වරදක් බව පවසා ඇත.

මුහුණු ආවරණ නොමැතිව නිවසින් පිටකට යන පුද්ගලයන්ට සිරදඬුවම් ලබා දීම හෝ ඔවුන්ගෙන් දඬ මුදල් අය කිරීම සිදු කරන බව කුවේට් සහ කටාර් රාජ්‍යයන් නිවේදනය කළේ ය.
කුවේට් සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, මුහුණු ආවරණ නැතිනම් මාස 3 ක සිරදඬුවමක් හිමිවෙයි.

කටාර් සෞඛ්‍ය අමත්‍යාංශය නිවේදනය කර ඇත්තේ හිමිවන සිරදඬුවම් කාලය වසර 3 කට අඩු නොවනු ඇති බවය. මුහුණු ආවරණ නොමැති නම් කුවේටයේ ඩිනාර් 5,000 ක දඬ මුදලක් ද කටාරයේ රියාල් 2,00,000 ක දඩ මුදලක් ද අය කරන බව පවසා ඇත.

කුවේට් සහ කටාර් අයත් වන්නේ ගල්ෆ් කලාපීය රටවල් 6 ටය. මෙම රටවල් හයෙන් මේ වනවිට ‘කොවිඞ් 19’ ආසාදිතයන් 1,37,400 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මරණ වාර්තා වන්නේ 693 ක් ලෙසිනි. ගල්ෆ් කලාපීය වශයෙන් සිදුවුණු සංචාර පමණක් නොව, අඩු ආයාදම්ලාභී සංක්‍රමණික සේවකයන් හේතුවෙන් වයිරසය වේගයෙන් ව්‍යාපත වී ඇති බව සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ.

කටාර් රාජ්‍යයේ ජනගහනය මිලියන 2.8 කි. වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 32,000 කි. මරණ ගණන 15 කි. ගල්ෆ් කලාපීය සෙසු රටවල් වන සෞදියෙන්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් ද ආසාදිතයන් වාර්තා වේ. සෞදියේ ජනගහනය මිලියන 30 කි.

සෞදියෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 54,700 පසු කර ඇත. සෞදියෙන් වාර්තා වන මරණ ගණන 312 කි. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් ‘කොවිඞ් 19’ ආදාචිතයන් 23,350 කට වැඩි ගණනක් වාර්තා වී ඇති අතර මරණ වාර්තා වන්නේ 220 ක් ලෙසය.

ඩුබායි (රොයිටර්)


RECOMMEND POSTS