මාර්ග නීති වෙනස් වෙයි



කුවේට් රථ වාහන අධිකාරිය විසින් කුවේට් රාජ්‍යයේ මාර්ග නිති වෙනසකට ලක්කරමින් එරට වැසියන්ට නව නීති සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කොට ඇතැයි වාර්තා වේ.  

මෝටර් රථ ධාවනය කිරීමේදි ජංගම දුරකථන භාවිතා කරන සහ බඳපටි නිසි පරිදි නොපළදින රියදුරන්ට එරෙහි දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කරන බවත් නීති මාර්තු 28 වෙනි දින සිට එරට තුළ බලපැවැත්වෙන බවත් සඳහන්.

අදාළ නීති ක්‍රියාත්මක කිරීම් කුවේටය තදින්ම ක්‍රියාත්මක කරන බව අධිකාරිය විසින් විශේෂයෙන් සිහිපත්කර තිබෙන අතර නීති අකුරටම ඉටුකරන බවත් පවසා ඇත.

ප්‍රධාන මාර්ග රැසක සවිකර ඇති ජංගම ආරක්ෂිත කැමරා ඔස්සේ නිවැරදි දත්ත ලැබෙන නිසා නීති රීති උල්ලංඝනය කරන රියදුරන් පහසුවෙන්ම හඳුනා ගැනීමට හැකි අතර එම නිසා රියදුරන්ට සිය වරද සාක්ෂි ඔස්සේ තහවුරු කළ හැකි බවත් කුවේට් රථ වාහන අධිකාරිය කියයි.

යම් රියදුරෙකු අදාළ නීති කඩකළොත් ඔවුන්ව හඳුනගෙන කෙටි පණිවිඩයක් මඟින් දැන්ම් දී ඉන්පසු නීතිමඟින් කටයුතු කරන බව කුවේට් පොලීසිය දන්වා සිටී.

අදාළ නීති සම්බන්ධයෙන් වැඩිදුරටත් නිවේදන නිකුත් කරමින් කුවේට් රථ වාහන අධිකාරිය නිවේදනය කර ඇත්තේ සිය රටේ සියළුම වැසියන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් අදාල නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවය'

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS