බටහිර මොසූල් මුදා ගන්න මෙහෙයුම්



අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අනුබද්ධ ‘තක්රීෆ් දයේෂ්’ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින ඉරාකයේ මොසූල් නගරයේ බටහිර ප්‍රදේශ මුදා ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ඉරාක අගමැති හයිදර් අල්අබාදී කියයි.

ත්‍රස්තවාදීන්ට එරෙහිව රජයේ හමුදා ආරම්භ කළ එම මෙහෙයුමට, ඉරාක රජයට සහාය පළ කරන සෙසු සන්නද්ධ කල්ලිවල සහාය ද හිමිවන බව අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටී. ඔහු මේ බව කියා සිටියේ ජාතිය අමතමිනි.

 

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS