පළමු වරට වැටුප් වරප්‍රසාද



එක්සත් අරාබි එමීර් රජ්‍යයේ පෞද්ගලික ආයතනවල සේවකයින්ට ඉතිහාසයේ ප්‍රථම වරට වැටුප් ප්‍රසාද දීමනා නිවේදය කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිර්මාතෘ ලෙසින් සැලකෙන  ෂෙයික් සෙයිඩ් බින් සුල්තාන් අල් නාහියන්ගේ සියවස් ජන්ම දිනය සැමරීම වෙනුවෙන් මෙලෙස වැටුප් ප්‍රසාද දීමනා ලබා දීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී යුනියන් කෝප් හි සභාපතිවරයා වන මජීඩ් හමාඩ් අල් ශම්සි විසින්  යුනියන් කෝප් හි සියළුම සේවක සේවිකාවන්ට අතිරේක මූලික මාසයක වැටුපක් නිවේදනය කර තිෙබ්.

ප්‍රථමයෙන් රාජ්‍ය අංශය තුළ සියළුම සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට මෙම ප්‍රසාද දීමනාව හිමිවීම සම්බන්ධයෙන් නිල නිවේදනය නිකුත්කර තිබූ අතර අනතුරුව මෙලෙස පෞද්ගලික අංශ වෙනුවෙන් ද නිකුත්කර තිබුණි.

ඩුබායි රාජ්‍ය තුළද රාජ්‍ය සේවකයින් උදෙසා ප්‍රසාද දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන්ද නිවේදනයක්  නිකුත්කර තිබේ.

විනීතා ඒම් ගමෙග්


RECOMMEND POSTS