පන්නන් ගිහින් අල්ලයි



සෞදි අරාබියේ හෙල් සහ ජෙබා අධි-වේගි මාර්ග සම්බන්ධ වන අධි-වේගි මාර්ගයේ මුරපොලක සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් යට කරමින් මෝටර් රථයක් ධාවන කර ඇත.

අනතුරින් එක් පොලිස් නිලධාරියෙන් ජීවිතක්ෂයට පත් වී දෙදෙනෙක් බරපතල තුවාල ලබා ඇත.

පොලිස් නිලධාරීන් යටකරගෙන මෝටර් රථය ධාවනය කළ පුද්ගලයාව අත් අඩංගුවට ගැනීමට කිලෝමීටර් 200කට වැඩි දුර ප්‍රමණයක් හඹාගෙන යෑමට පොලිස් නිලධාරීන්ට සිදු වී ඇත.

සිද්ධියට අදාල වීඩියෝව සමාජ ජාලවෙබ් අඩවිවලට මුදාහැරීමට පොලීසිය කටයුතු කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS