ත්‍රස්තයන්ට දරුණු ප්‍රහාරයක්



ඊජිප්තු ආරක්ෂක අංශ ත්‍රස්තවාදීන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

ආරක්ෂක අංශ වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට ත්‍රස්තවාදීන් නැගෙනහිර සෙනායි හි ගෙල්බානා දිස්ත්‍රිකයේ සැඟවී සිටින බවට බුද්ධි අංශ දැණුම්දී මෙන් පසු ත්‍රස්තවාදීන් විනාශ කිරීමට ආරක්ෂ අංශ මෙහෙයුමක් දියත් කර ඇති අතර ත්‍රස්තවාදීන් සතුව තිබූ ආයුද විශාල සංඛ්‍යාවක් ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇත.

දැනට විදේශගතව සිටින ත්‍රස්ත නායකයින්ගේ අණ පරිදි ප්‍රහාර එල්ල  කිරීමට ත්‍රස්තවාදීන් කටයුතු කර ඇති බවට ඊජිප්තු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයවලින් එක් නිලධාරියෙක් තුවාල ලබා ඇත.

ත්‍රස්ත කටයුතුවලට මුදල් ලබාගැනීම සඳහා ත්‍රස්තවාදීන් රහස් ජාලා තුනක් නිර්මාණය කරගෙන ඇති බවත්, ත්‍රස්තවාදීන්ගේවිදේශ ගමන්බලපත්‍ර, දේශීය හා විදේශීය මුදල් සහ ලියකියවිලි රැසක් රාජසන්තක කළ බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)

RECOMMEND POSTS