කුමරුගේ ශිෂ්‍යය කාලයේ ඡායාරූපය



අබුඩාබි ඔටුන්න හිමි කුමරු, එමිරේට්ස් හමුදා ප්‍රධානී, ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් අල්-නහියන් ශිෂ්‍යයෙක්ව සිටි කාලයේ ලබාගත් ඡායාරූපයක් ඩුබායි පාලක, ෂයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටුම්ට අයත් ට්ව්ටර් සමාජ ජාල ගිණුමේ පළ කර ඇති බව වාර්තා වේ.

පළ කළ ඡායාරූපය කළු සුදු ඡායාරූපයක් වන අතර කුමරු ගුරුවරයාත් සමඟ කළුලෑල්ලේ අකුරු ලියන ආකාරයසටහන්ව ඇත.

සමාජ ජාල පරිශිලකයන් විශාල සංඛ්‍යාවක් කුමරුගේ ඡායාරූපයට කැමැත්ත ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS