එමිරේටය මීදුමෙන් වැසෙයි



එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ කොටසක් පසුගිය දා මීදුමෙන් වැසී තිබු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

සමහර ප්‍රදේශයන් වල අධික මීදුම් තත්ත්වයක් පැවති බවත් මෙවැනි තත්ත්වයන් හදිසියේ ඇති වන බව එමිරේට්ස් කාලගුණ විද්‍යා හා නායයෑම් පිළිබඳ ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

ඩුබායි ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් හම්ඩාන් බින් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටූම් උදෑසන අධික මීදුමක් පැවති ප්‍රදේශ වල ඡායාරූප ගෙන ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගිණුම හරහා එක්කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS