ඊශ්‍රායලයේ සංචාරයකට ගියේ නෑ



සවුදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු කිසිම අවස්ථාවක ඊශ්‍රායලයේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයකට ගියේ නැතැයි සවුදි රජය පවසයි.

සවුදි කුමාරයකු අවස්ථා කිහිපයකදී ඊශ්‍රායලයේ සංචාරයකට පැමිණි බවත් බලධාරීන් හමුවී කලාපීය දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බවත් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායල රජයේ ඉහළ නිලධාරියෙකි.

කෙසේ නමුත් ඒ බව ඊශ්‍රායල බලධාරීන් තහවුරු කර නොතිබුණි.

එම කුමරා සවුදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් යැයි පසුව පැවැසුණු නමුත්, දැන් සවුදි රජය පවසා ඇත්තේ සල්මාන් කුමරු කිසිදු අවස්ථාවක ඊශ්‍රායලයේ සංචාරයකට නොගිය බවය.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS